www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රටේම කුඹුරු අලුතින් මනී


2023-03-18 12:56:55 -  105 යි

දිවයින පුරා ඇති සියලු කුඹුරු ඉඩම් මැන නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ මේ වසර අවසාන වන විට සම්පූර්ණ කිරීමට නියමිතය.

 

මේ අනුව මෙතෙක් ගොවීන් නමින් පවත්වාගෙන ආ ඉඩම් ලේඛනය වෙනුවට කුඹුරු ඉඩමේ නමින් නව කුඹුරු ඉඩම් ලේඛනයක් සකස් කෙරෙනු ඇත.

 

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ නිසා වාර්ෂිකව වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය හා එමගින් ලැබෙන වී අස්වැන්න නිවැරදිව ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලැබෙන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහත සඳහන් කළේය. එමෙන්ම කෘෂි සහනාධාර ලබාදීමේදී එය ඉතා නිවැරදිව කළ හැකිවනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

 

මේ අතර යැපුම් කෘෂිකර්මාන්තයෙන් ගොවියා මුදාගෙන ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට ගොවියා යොමු කරවීමේ මූලික අදියරක් ලෙස මෙවර යල කන්නයේ කුඹුරු අක්කර 14000ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීමට පියවර ගෙන ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

 

එමෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කරගෙන තරුණයන් කෘෂිකර්මයට නැඹුරු කරවා ගැනීමේ අපේක්ෂාවෙන් සෑම දිස්ත්‍රික්කයකටම එක් ආදර්ශ කෘෂිකර්ම ගම්මානය බැගින් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

 

මෙහි පළමු අදියර යටතේ මේ වසරේදී ආදර්ශ කෘෂි ගම්මාන පහක් ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන පනහකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com