www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කප්පම් දී බේරෙන්න ගිය ජාවාරම්කරුට වැඩ වරදී


2023-03-18 12:50:53 -  103 යි

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයා ගත් මුදල් බවට සැක කරන රුපියල් හැට නම ලක්ෂ හතලිස් නවදහස් පන්සියයක මුදලක් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රීයේ දී කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.

 

එම ලොරියේ අසුන යට තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිගෑම් 340 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

 

මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කොල්ලුපිටියේ සිට කොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථය නවතා පරික්ෂා කිරීමේදී රියැදුරු අසුන අසල රෙදි වලින් සකස් කරන ලද බෑගයක් තුළ මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් තිබී හමුවී ඇති අතර රියදුරුගේ ප්‍රශ්න කිරීමේදී ඔහු මාළු වෙළෙන්දෙකු බවට පවසා තිබූ බව පොලිසිය පවසයි.

 

එම අවස්ථාවෙහි දී රියැදුරු බියට පත්ව තවත් පුද්ගලයකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී එම මුදලින් රුපියල් ලක්ෂ 5ක් ගෙන ඔහු මුදා හරින ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

මෙම ලොරි රථය පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් නිල සුනඛ අංශයේ පුපුරන ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය පරික්ෂා කරන නිල සුනඛයෙකු ගෙන්වා ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි රියදුරු අසුන යට තිබී හොරයින් මත්කුඩු සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි කළුතර උතුර රුක ගල්බොඩ පදිංචිකරුවකි.

 

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com