www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට..


2023-03-18 11:36:34 -  88 යි

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, එම සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා ඉත්තෑපාන ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර දේපොළ කොල්ල කා ඇති බවයි.

පසුගිය මස පළමුවැනිදා ඇල්පිටිය ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කර දේපොළ කොල්ලකෑමේ සිද්ධියට ද මෙම සැකකරු සම්බන්ධ බව පොලිසිය සඳහන් කළේ ය. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ, යගිරල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සොරා ගන්නා ලද භාණ්ඩ පොලිසිය භාරයට ගෙන තිබේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com