www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගොයම් කොලෙන් ඝාතකයා ඇල්ලූ ‘‘ඒගල්‘‘ ගෙන් තවත් කරනමක්


2023-03-18 11:00:23 -  104 යි

නත්තරන්පොත ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු ගේ නිවසට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් ,මුදල් සහ රුපියල් විසි දහසක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරා ගෙන ගිය බව කියන පුද්ගලයකු, ,අත්අඩංගුවට ගැනීමට මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිල සුනඛ ‘‘ඒගර්‘‘ විසින් ලබාදුන් හෝඩුවාවක් අනුව වත්තේගම පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොලිස් නිල සුනඛයා සැකකරු ගේ නිවසට ඇතුළු වන අවස්ථාවේ එම සැකකරු නිවසේ සිට නොමැත.

මෙම සොරකම සිදු වූ නිවසින් සොරාගත් සුවඳ විලවුන් කුප්පිය බහා තිබූ පෙට්ටියට පොලිස් නිල සුනඛ යාට ඉව කිරීමට ලබාදුන් බව අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සුවඳ විලවුන් පෙට්ටියට ඉව කළ පොලිස් නිල සුනඛ කිලෝමීටර් තුනක් පමණ දුරක් ගෙවා සැකකාර පුද්ගලයා පදිංචිව සිටින නිවසට ඇතුළු වී එම නිවසේ කාමරයක බිම තිබූ ලෑල්ල කට ඉව කර එම ස්ථානයේ වැතිරුණු බව පොලිස් නිල සුනඛ කොට්ඨාශය පවසයි.

සැකකරු රාත්‍රි කාලයේ නිදා ගන්නේ මෙම ලෑල්ල මත බව නිවසේ සිටි අය පොලිසියට පවසා ඇත.

පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබුවේ මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශය පොලිස් සැරයන් පී ජී ජයරත්න(42320)මහතා විසිනි. එමකොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 16 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com