www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බිස්කට් ටින් එකෙන් මත් කුඩු මතුවේ


2023-03-18 10:50:38 -  76 යි

ඩුබායි රටේ සැඟව සිට හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද  මෙහෙයවන කන්නංගරගේ ලලිත් කන්නන්ගරගේ  මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සමඟ හොරයින් මත්කුඩු ග්‍රෑම් 225 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ගත තොරතුරු ලද තොරතුරකට අනුව අතුරුගිරිය මුල්ලේගම ජනතා පොළ ප්‍රදේශයේ දී සැකකරු හොරයින් මත් කුඩු ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී නිවෙස තුළ බිස්කට් ටින් එකක් තුළ බහා සඟවා තිබූ තවත් මත්ද්‍රව්‍ය ගෑම් 125 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com