www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

“....එදා ආයෙම මට එන්න වුණා.. එතකොට ඇහුණා වයිෆ්ගේ කාමරෙන් සද්දයක්..


2023-03-18 10:44:35 -  158 යි

"මට ඌ මරන්නද , අරකි මරන්නද කියලා
තෝරගන්න බැරිවුණා. එකපාරම හිතුණේ උන්
දෙන්නව නොමරා මට මැරෙන්න..
ඒ තරම් හිරිකිතයි ඒ දැකපු දේ.."

මේ කතාව කියන්නෙ තාත්තා කෙනෙක්.
අවුරුදු 18ක කොල්ලෙක් ඉන්න
තාත්තා කෙනෙක්.
තමන්ගේ කරදඬු උස්මහත් වුණු එකාගේ
අම්මා අනියම් සම්බන්ධයක පැටලිලා මේ පවුලෙන්
ගැළවෙනවා.

 

පස්සෙ තාත්තා තීරණය කරනවා,
අලුත් 'අම්මා කෙනෙක්' ගේන්න.
ඒකට 18 කොල්ලත් පූර්ණ අවසරය දෙනවා.

ඊට පස්සෙ මේ ගෙදරට ඒ කෙනා එනවා.

"මගේ වයිෆ් මාව දාලා ගියා. ඒ වෙද්දි පොඩි එකාට
අවුරුදු 6ක් වුණා විතරයි. ඒකි වෙන සම්බන්ධයක පැටලිලා
හිටියේ. ඒ ඒකි කටාර් ඉද්දි සෙට් වුණු කොල්ලෙක් එක්ක.
ඔය සම්බන්ධය මම දැනන් ඇහුවම මෙයා පිළිගත්තා.
පස්සෙ ගියා. මම ළමයා දුන්නෙ නෑ.. ළමයව බලාගත්තෙ මම.."

"ළමයා ලොකු කළා. කිසි අඩුවක් කළේ නෑ. ඒත් මහත්තයෝ
මටත් ආසාවල් තියෙනවනේ. මොකෝ මම ගහක් ගලක්
නෙවෙයිනේ. මම ආස නෑ ගණිකාවෝ ආශ්‍රය කරන්න.
මගේ ආශාවන් සංසිඳුවා ගන්න කියලා තාවකාලිව
ගෑනූ ආශ්‍රය කරන්නත් මම ආස නෑ.. ඒ නිසායි මම
ආයෙම ආදරේ කරන්න හිතුවේ.."

"මගේ අලුත් ආදරේ සුජීවා‍. මාරම ලස්සනයි. ඒ පැත්තෙ
හිටපු ලස්සනම කෙල්ල. ඒකිට අවුරුදු 32ක් වගේ ඇති.
හැබැයි 25 කෑල්ල වගේ. මාර හැඩක්. හරියට කිව්වොත්
මාලනී ෆොන්සේකා තරුණ කාලේ වගේ.
ඒකිට ගමේ ගොඩක් කොල්ලො පෙරන්න ගත්තා.
හැබැයි ඒකි කැමති වුණේ මට..."

"මම හිතුවට වඩා ඒකි එක්කන් ආපු දවසේ ඉඳන්
අපේ පොඩි එකා එක්ක ෆිට් වුණා. එතකොට කොල්ලට 18යි.
පස්සෙ මටත් හරි සතුටුයි. අම්මා කියලමයි කතා කළෙත්.
වෙලාවකට අක්කා කියනවා. කොහොම හරි ඒ දෙන්නා
කතා කරලා හිනාවෙලා ඉන්න එකම මට සෑහෙන
සැනසීමක් වුණා.."

"ඒත් ඒ හැමදේම වෙනස් වුණා. එක දවසක් නුවර යන්න
වුණා මට වැඩකට. ඒත් මඟකට යද්දි මතක් වුණා, ඒ වැඩේට වුවමනා
වෙලා තිබ්බ බඩු වගයක් මම දාලා ඇවිත්. ඒ ටික ගන්න ආයෙම
මම ගෙදර ආවා. ඒ එද්දි ඉස්සරහා දොර වහලා ලොක් කරලා.
අපේ ගේ කවදාවත් එහෙම ලොක් කරන් නෑ. මම පස්සෙ
වයිෆ්ගේ කාමරේ ජනේලය ළඟට ගියා. දෙයියනේ.. එතකොට
ඇහෙනවා එක එක සද්ද. මගේ කොල්ලගේ සද්දෙයි,
වයිෆ්ගේ සද්දෙයි.."

"මගේ පපුව ගැහුණා හයියෙන්. මුන් දෙන්නා.. මගේ පුතායි
මම අලුත ගෙනාපු ගෑනියි අමු හෙලුවෙන් ඉන්නව ඇඳක් උඩ.
මම කෑ ගහගෙන ජනේලෙන් පනින්න හැදුවා. මුන් දෙන්නා බයවෙලා
දිවුවා. මට මාර ලැජ්ජාවක් දැණුනේ. මාවම පාලනයක් නැතුව ගියා.
පස්සෙ දවස් ගාණක් උන් දෙන්නා පේන්න හිටියේ නෑ.
පුතා යාලුවෙක්ගේ ගෙදර නැවතිලා ඉඳලා මම එක්කන් ආවා.
ඌ වැඳ වැඳ සමාව ඉල්ලුවා.."

"මම ඌට සමාව දුන්නා. මොකද ඌ මගේ දරුවා.
ඌ තනි අතින් අත්පුඩි ගැහුවා නෙවෙයිනේ.. ඒත් අර ගෑනිව
ආයේ වද්දගත්තෙ නෑ මම. කොල්ලට අම්මලා එපා.
මම විතරයි කියලා මම තීරණය කළා.."

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com