www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසර හයකට ආසන්න කාලයක් තිස්සේ, පියා සහ පියාගේ මිතුරා... දියණියට කළ අහස පොළොව නුහුළන අපරාධය !


2023-03-18 10:28:53 -  117 යි

දියණිය වසර හයකට ආසන්න කාලයක් තිස්සේ දුෂණයට ලක්කළ පියෙකු හා ඔහුගේ මිතුරෙකු ඊයේ (17 දා) කරුවලගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපයෝජනයට ලක් වූ දැරියගේ පියා (44) හා එම නිවස ආසන්නයේ පදිංචි පියාගේ මිතුරෙක් වන 39 හැවිරිදි පුද්ගලයෙකි.

 

මෙම දැරිය 10 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතුවල නිරත වන බවද, ඇයගේ වැඩිමහල් සොහොයුරිය ඥාති අයකුගේ නිවසක නතර වී අධ්‍යාපන කටයුතුවල නිරත වන බවද, සිද්ධියට මුහුණපෑ 16 හැවිරිදි දැරිය වසර පහයි මාස හයක කාලයක් සිට ඇයගේ පියා විසින් මව රැකියාවට යන අවස්ථාවලදී නිවසේදී විටින් විට මෙසේ දූෂණයට ලක්කර ඇති බව සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මව දෛනික කුලී රැකියාවක නිරත වන බවත්, ඇය මේ සම්බන්ධව කිසිත් නොදන්නා බවද පොලිසියට ප්‍රකාශ කර ඇත.

පියා විසින් දැරිය දූෂණයට ලක් කරන බවට කරුවලගස්වැව පොලිසියට පුද්ගලයකු තොරතුරු ලබා දී තිබූ බවත් ඒ අනුව පොලිස් බුද්ධි නිලධාරීන් යොදවා අදාළ සිද්ධිය පිළිබඳව රහසිගත තොරතුරු රැස් කර ගැනීමට කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති සුජීව අලවත්ත මහතා කටයුතු කර ඇත.

ලබාගත් තොරතුරු මත මෙම සැකකාර පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බවත්, එම ප්‍රකාශ අනුව කාන්තා පොලිස් නිලධාරීන් විසින් දැරිවියද පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබා ගැනීමේදී හෙළිව ඇත්තේ පියා විසින් දැරිය දූෂණය කරන බවට තොරතුරු ලබාදුන් තැනැත්තා විසින්ද දැරිය ලිංගික අපහරණයට යොදා ගෙන ඇති බවයි. ඒ අනුව පොලිසියට තොරතුරු ලබාදුන් පියාගේ මිතුරාද අත්අඩංගුවට ගනීමට කටයුතු කර ඇත.

සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධව කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති සුජීව අලවත්ත මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com