www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බැසිල්ගේ මුලිකත්වයෙන් පොහොට්ටුව රැස්වෙයි


2023-03-17 17:19:27 -  81 යි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වුණි.

 

මෙහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයි දින රැළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කර ඇත.

 

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම හා පළාත් පාලන ආයතන කාලය අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් පිළිබඳව කරුණු කාරණා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

 

මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයන්ට අමතරව අපේක්ෂකයින් විසින් තම බල ප්‍රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com