www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොළඹ අඳුරුවෙයි


2023-03-17 10:58:14 -  41 යි

කොළඹ නගරය ඇතුළු මෙරට ප්‍රධාන නගර හතක වායු දූෂණ තත්ත්වය සංවේදී පුද්ගලයන්ට අහිතකර ලෙස ඊයේ (16) දිනයේදී ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරයි.

 

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව දර්ශකයට (US AQI) අනුව කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණය (PM 2.5) ප්‍රමාණය 142 ක් දක්වා ඊයේ පෙරවරු 9.00 වන විටදී ඉහළ ගොස් තිබිණි.

 

වායු දූෂණ තත්වය හේතුවෙන් ඊයේ පෙරවරුවේදී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලය අඳුරු ස්වභාවයක් ඉසිලූ අතර, දැඩි රෂ්මිය තත්වයක්ද පැවතුණි.

 

මීට අමතරව යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, පුත්තලම සහ බදුල්ල යන නගර වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණයන්ද (PM 2.5) ඊයේ දිනයේ ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසුවේය.

 

ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකයට ඒ ඒ නගරයේ වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණයන් ඉහළ ගොස් තිබුණේ මෙයාකාරයෙනි.

 

යාපනය 120, කුරුණෑගල 117, මහනුවර 103, කෑගල්ල 106, පුත්තලම 129, බදුල්ල 109

 

මෙලෙස වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණය ඉහළ යෑම සෞඛ්‍යමය වශයෙන් සංවේදී පුද්ගලයන්ට බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ වැඩි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com