මෙරට සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු හැටියට කමල් අද්දරාඅරච්චිව හඳුන්වන්න පුළුවන්. සිනමා සහ ටෙලිතිරයේ සදා වියපත් නොවන ප්‍රේමවන්තයා ඔහුයි.
රංගන කටයුතුවලින් මඳක් දෑත් වෙලා හිටියත් කමල් අද්දරාඅරච්චි සමාජ මාධ්‍යවල සක්‍රීය චරිතයක්.
අදට ඔහුගේ මව වියෝවී වසර දෙකක් සපිරෙනවා.
කමල් ඔහුගේ මව වෙනුවෙන් ඔහුගේ සමාජ මාධ්‍යවල ාඅදරණීය කවි පංතියක් ලියා පළ කරලා තිබුනා.
ඒ ඔහු මව සමඟ ගත් ඡායාරූපයක් පළ කරමින්.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය සහ සටහනයි...
"අම්මා නොදැක අවුරුදු 2ක් නොදැනීම ගිහින්....
දිවිය පුරා සිතුවිලි අතරේ සැඟවූ ඔබගේ සුවඳ අගේ....
කාලය වියැකී ගියමුත් වෙනසක් නම් කිසිදා නැහැ සිතේ මගේ.....
එදා වගේ ළඟ නැතිමුත් දැනෙනව හැබැහින් ඔබ සිටිනු වගේ....
වෙනදාටත් වැඩි වැඩියෙන් දැනෙනව දැන් අම්මේ නුඹේ අගේ...."