www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කෘෂි ව්‍යාපෘතියට දෙන ආධාර දීර්ඝ කරයි


2023-03-16 14:07:17 -  72 යි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය  හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

මෙරටට ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser, කෘෂි විද්‍යාඥ Karishma Wash සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක ඇතුළු නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු කළේය.

මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට විශාල කාර්යභාරයක් ඉටුවන නිසා එම ව්‍යාපෘතිය තවදුරටත් රටට ලබාදෙන ලෙස  අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය. 

ඒ අනුව මෙම වර්ෂයේ මැයි මස සිට තවත් මාස 18ක් ඉදිරියට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිසක් එකඟතාවය පළ කළේය.

මෙහිදී අදහස් පළ කළ ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser මහතා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමට තම සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව කීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com