www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකිකයන්ගේ නිදහස අහුරලා


2023-03-16 12:39:37 -  82 යි

ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් 2023 වාර්තාවේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.ෆ්‍රීඩම් ඉන් ද වර්ල්ඩ් වාර්තාවට වසර 50ක ඉතිහාසයක් තිබෙන අතර දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස පිළිබඳ ගෝලීය ප්‍රවණතා නිරීක්ෂණය කරමින් වාර්ෂිකව වාර්තාව පිළියෙළ කරනු ලබයි.

මෙවර වර්තාවේදී ශ්‍රී ලංකාවට ලකුණු 100 න් 53ක් ලැබී තිබේ.“දේශපාලන අයිතිවාසිකම්” අතින් ශ්‍රී ලංකාවට ලකුණු 40 න් 22 ක් ලැබී ඇති අතර “සිවිල් නිදහස” වෙනුවෙන් ලකුණු 60 න් 31 ක් ලැබී ඇත.පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ලකුණු 100 න් 55 ක් ලබා ගැනීමට සමත් විය.

දේශපාලනඥයින් සහ රජයේ ඉහළ නිලධාරීන් සිදුකරනු ලබා දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් ලබා නොදීමේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම මෙසේ පහළ ගොස් ඇතැයි යුරේසියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත.බලයේ සිටින දේශපාලනඥයින් තම ප්‍රතිවාදී දේශපාලනඥයින් බලයේ සිටින විට සිදුකරන ලද දූෂණ වලට දඬුවම් ලබා දීමට මැලිකමක් දක්වන බවත් එයට හේතුව බලය අහිමි වූ විට ඔවුන්ටද දඬුවම් විඳීමට සිදුවෙතැයි තිබෙන බිය බවත් යුරේසියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com