www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කඩු කල්ලියක ප්‍රභලයින් 05 දෙනෙකු කඩු සහ යතුරුපැදි සමග අත්අඩංගුවට…


2023-03-15 10:01:07 -  122 යි

යාපනයේ ක්‍රියාත්මක කඩුකල්ලියක ප්‍රභල සාමාජිකයින් 05 දෙනෙකු යතුරුපැදි සහ තියුණු කඩුද සමගින් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් කොටඨාශ අපරධ විමර්ශන අංශය පවසයි.

යාපනයේ විවිධ ප්‍රදේශයන්හි නිවෙස් වෙතට කඩුත් සමග ඇතුලු වී නිවැසියන්ට පහරදීම රන් ආබරන කොල්ලකෑම, දේපල අලාභහානි සිදුකිරීම, යතුරුපැදි සොරකම් කිරීම සහ පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීම ආදි අපරාධ රැසකට සොයමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුනු බුද්ධි තොරතුරුවලට අනුව එහි ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් නවාලි, මාණිප්පායි, කරෙයිනගර් සහ විශ්වමඩු යන ප්‍රදේශයන්වලින් අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර එහිදී සැකකරුවන් විසින් අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදි 03 ක්ද සමගින් ඔවුන්ගේ නිවෙස් වල සඟවා තිබූ තියුණු කඩු දෙකක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 සහ 26 අතර වයස්හි පසුවන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටත් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ අරඹා ඇති බවටද පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com