දිවයින පුරා මහාධිකරණවල විභාග වන ළමා අපයෝජන, හිංසන නඩුවලින් බහුතරය වයඹ පළාතේ බව ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසයි.
දිවයින පුරා මහාධිකරණවල දැනට විභාග වන ළමා අපයෝජන නඩු ප්‍රමාණය 6443 ක් බවත්, එයින් 543 ක් කුරුණෑගල මහාධිකරණයේ විභාග වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වාර්තා වී ඇති බවත් සභාපතිවරයා පවසයි.
දිවයින පුරා විභාග වන මෙම ඇතැම් නඩුවල වින්දිතයන් ලෙස සාමණේර හිමිවරුන් 59 දෙනකු සිටින බවද හෙතෙම අනාවරණය කළේය.
එම සාමණේර හිමිවරුන් ලිංගික අපයෝජනයට ලක්වීම හේතුවෙන් පොලිසිය හා ළමාරක්ෂණ අධිකාරිය මගින් විමර්ශන සිදුකර මහාධිකරණයේ නඩු පවා තිබේ.