www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විවාහවීමට සිටි පෙම්වතාගෙන් පෙම්වතියට දරුණු සප්‍රයිස් එකක්.. අනියම් සම්බන්දතාවයක් අස්සේ තවත් සම්බන්දයක්.. ජංගම දුරකථනයට ආපු එකකින් හැමදෙයක්ම මාට්ටු..


2023-03-14 14:44:22 -  119 යි

විවාහවීමට සිටින පෙම්වතාගේ දරුණු කැපුම් තුවාලවලට ලක්ව බරපතළ තුවාල ලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සුරූපි නිලධාරිනියකි.

ඇය 2013 වසරේ සිට විවාහකයකු වූ මෙම පුද්ගලයා සමගින් පෙම් සබඳතාවක් පවත්වා ඇති බවත් වසරක පමණ කාලයක සිට ඇය ඔහු හා එකම නිවසේ ජීවත්ව සිටි බවත් මූලික විමර්ශන මගින් හෙළිවී ඇත.

මොහු මෙම නිලධාරිනිය හා විවාහ වීමේ අපේක්ෂාවෙන් පළමු බිරිඳගෙන් දික්කසාද වී ඇතැයි ද එසේ සිටියදී මැය රියැදුරෙකු සමගින් වෙනම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් එවූ කෙටි පණිවුඩයක් නිසා මෙම ආරවුල දුරදිග ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඊට උරණ වූ පෙම්වතා බදුරලියේ පිහිටි වත්තට යන බව පවසා නිවසින් පිටවී ගොස් 11වැනිදා අලුයම මොරගහහේන මොහොට්ටිගොඩ ප්‍රදේශයේ නිවෙසට පැමිණ නිලධාරිනිය නින්දේ සිටියදී නිවසෙහි ඉදිරිපස ජනෙල් වීදුරුව බිඳ නිවසට ඇතුළු වී තියුණු ආයුධයකින් ඇයට ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.

බරපතළ තුවාල ලද නිලධාරිනියගේ කෑ ගැසීම ඇසී යාබද නිවසක තරුණයකු එම නිවස වෙත පැමිණ ඇය කපා කොටා දැමූ පුද්ගලයා නිවසින් පිටතට ඇද දමා බරපතළ තුවාල ලද නිලධාරිනිය 1990 සුවසැරිය ගිලන් රථයෙන් වෑතර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.

මෙම නිලධාරිනිය පිහි පහරින් බේරීමට අත ඇල්ලීම යාමේදී ඇයගේ අතින් ඇඟිල්ලක් වෙන්ව ගොස් ඇති බවත් ඇය බේරාගැනීමට ආ තරුණයා විසින් අයිස් බදුනක දමා ඇඟිල්ලද ගිලන් රථය මගින්ම රෝහල වෙත භාර දී ඇත.

මෙම අපරාධය වූ නිවස මොරගහහේන පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කිරීමේදී ඇයගේ නිවසේ සාලය පුරා ලේ වැගිරී ඇති ආකාරයත් ඇයගේ යැයි සැකකරන හිසකෙස් ද හමුවී තිබේ. සැකකරු තියුණු ආයුධයෙන් පහර දෙන අවස්ථාවේ දී විසිරුණු ලේ පැල්ලම් නිවසේ බිත්තිවලද තැවරී ඇතැයි පොලිසිය කියයි.

සැකකරු නිවසට ඇතුළු වූ ජනේලය අසල බිම තිබී ඉටි උරයක දමන ලද කුරුඳු කැපීමට ගන්නා තියුණු ආයුධ කීපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඇයට තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කළ බව කියන, ඇය විවාහ වීමට සිටි පුද්ගලයා මොරගහහේන පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com