www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හූනියමක් කරන්න 105 මවගේ ඔළුව ගලවලා


2023-03-13 15:11:31 -  104 යි

උදාගම පොදු සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ සිරුරක හිස ගොඩගෙන ඡායාරූප ගතකර සමජ මාධ්‍ය ජාලාවලට මුදා හළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි.

පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පිළිවෙලින් 18 ,19, 20 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් උදාගම , මහව  පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

මැණික්හින්න ප්‍රදේශයේ පුද්ගලයකුගේ අවශ්‍යතාවය සඳහා ගුරුකමකට මිනී ඔළුවක් ඉල්ලා ඇති අතර ඒ අනුව මිනී ඔළුව ගලවා ගත් බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ.

ගොඩගත් මිණී ඔලුව නැවතත්වල තුළට දැමූ බවද පවසා ඇතැයි පරීක්ෂක පවත්වන පොලීසිය කියයි.

මීට මාස තුනකට පමණ පෙර මිය ගිය වයස අවුරුදු 105ක පමණ කාන්තාවකගේ සිරුරේ හිස මෙසේ ගොඩ ගොඩගෙන තිබේ.

මිනී වළෙන් ගොඩගත් හිස සමග සැකකරුවන් ඡායාරූප ගෙන එම ඡායාරූප සමජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු කරගෙන ඇති බවත් එම ඡායාරූප අනුව නිවැසියන්ට ලැබුණු තොරතුරක් මත සොයා බැලීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඥාතීන්  පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com