අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් හට රාජකාරි සඳහා අවශ්‍ය වාහන නොමැති වීම හේතුවෙන් අසීරුතා රැසකට මුහුණ පෑමට සිදුව තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන පැමිණිලි විමර්ශන සිදු කිරීම උදෙසා එකම වාහනයක් භාවිතා කිරීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි බව අල්ලස් කොමිෂන් සභාව පවසයි.
දැනට භාවිතා කරන වාහන කිහිපය වැඩි දුරක් ගමන් කිරීමේ තත්ත්වයක නොපවතින බවද අනාවරණය විය. විමර්ශන නිලධාරීන් පවසන්නේ වාහනයේ ගමන් කරන විට පාපැදි කරුවන් වාහනය පසුකර යන බවය.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරාගෙන් විමසූ අවස්ථාවේ දී ඇය මෙසේ ප්‍රකාශ කළාය.
''වාහන ප්‍රශ්නයක් තිබෙනවා. එම ප්‍රශ්නය විසඳා ගැනීමට මේ වන විට අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.''