www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන කසිප්පු මුදලාලි මාට්ටු


2023-03-13 14:55:57 -  91 යි

කසිප්පු විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ උඩවෙල ප්‍රදේශයේදී පෙරේදා 12වැනිදා මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

මාදම්පේ පොලිස් ස්ථානයේ දුෂණ මර්දන අංශයේනිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතඋඩලවෙල ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වැටලීමක් සිදුකර කසිප්පු තොගයලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන මෙම අපේක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු මෙම කසිප්පු බෝතල් තොගය මාදම්පේ සිට ගල්මුරුව ප්‍රදේශයේ අයෙකුට විකිණීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බවට තොරතුරු පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි මාදම්පේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මොහු කාලයක් තිස්සේ සිට කසිප්පුජාවාරමේ නිරතව සිටි අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

මාදම්පේ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනගේ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මහේෂ් උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් අමරසූරිය98817යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 12 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com