www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

‘‘පරිප්පුවාට‘‘ වෙඩි තැබූවැයි තිදෙනෙක් මාට්ටු


2023-03-13 14:35:08 -  113 යි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි .

ඒ අතර යතුරු පැදිය පැදවූ පුද්ගලයා මෙන්ම ආධාර අනුබල දීම හා සැලසුම් කිරීම යෙදුනු පුද්ගලයන් වන බව පොලිසිය කියයි.

යතුරු පැදිය බොරැල්ල පොලිස් වසමේ දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු සමඟ එම ප්‍රදේශයේ රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබු පුද්ගලයන් දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එහිදී පරිප්පුවා සමග සිටි පුද්ගලයකු බරපතළ තුවාල ලැබීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com