www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

“...සමලිංගිකත්වය අපරාධයක් නෙවෙයි.. ඒගොල්ලො එයාලව පාවිච්චි කරනවා.


2023-03-12 15:27:01 -  143 යි

ටෙලි තිරය තුළ ඉදහිට හෝ නිරූපණය කරන
සුවිශේෂී චරිත නිසාම ඇය කලින් කලට කතාබහට ලක්වනවා
.

එසේම රිදී තිරයෙත් අමතක නොවන චරිත මැවූ
ඇය නමින් සේමිණි ඉද්දමල්ගොඩ.

 

පසුගිය දවසක නළු ජනක කුඹුකගේ
සමඟ සම්මුඛ වෙමින් ඇය දැක්වූ අදහස් කිහිපයක් මේ..


සමලිංගිකත්වය ගැන, එහෙම පුද්ගලයින් ගැන
සේමිණි මොකද හිතන්නෙ.?
සමලිංගිකත්වය මානව අයිතියක් මිසක් අපරාධයක් නෙවේ. ඔවුන්ට දැනෙනවා නම් ලැබිලා තියෙන ජීවිතේ තෘප්තිමත් ව ඉන්න අමාරුයි කියලා, ඔවුන්ට අයිතියක් තියනවා රිසි සේ ජීවත් වෙන්න. මමත් ඒ වගෙ පිරිස් ආශ්‍රය කරනවා. මම ඒගොල්ලොන්ව දකිනවා. ඒක අපේ රටේ නීත්‍යානුකූල වෙන එකක් නෑ. අනිත් අයට කරදරයක් නොවී තමන්ගේ ජීවිතේ තමන් ගෙනියන එකයි වෙන්න ඕන.

කලාකරුවන් දේශපාලනය කරන එක ගැන
සේමිණිගේ අදහස ?
කලාකරුවන් කියන්නෙ මිනිස්සු ආදරේ කරන අය.. ඡන්දේ කාලෙට දේශපාලඥයෝ උත්සාහ කරන්නෙ ඒ ආකර්ශනයෙන් ආලෝකය ලබාගන්න. හැබැයි අපේ අය දන් නෑ පාවිච්චි වෙනවා කියලා. ඒගොල්ලො හදන්නෙ ජන්ද ගොඩ වැඩි කරගන්න.. තමන්ගේ අභිලාශය සිද්ධ වුණාට පස්සෙ ආයේ බලන්නෙත් නෑ. කොහෙන් හරි පොඩි ඩැමේජ් එකක් වෙනවා.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com