"කිසි කෙනෙක් දන්නේ නෑ මම විශ්වවිද්‍යාල කථිකාචාර්ය කෙනෙක් කියලා.. සිමෙන්ති ලොරිවල පවා මාව අදටත් දැක්කට පුදුම වෙන්න එපා...
|

2023-03-11 12:51:56
- 113
යි
එකම දේකට සීමාවෙලා හරි නීරස විදියට ජීවිතේ ගෙවන උදවියනෙ බොහෝමයක් අපිට එදිනෙදා සමාජයේදි මුණගැහෙන්නෙ.
එහෙම මිනිස්සු අතරෙ තමන්ගෙ තත්වය ,රැකියාව , සමාජ තරාතිරම වගේ දේවල් ගැන නොහිතාම ජීවිතේ විඳින මිනිස්සුත් අපිට හමුවෙනවා. ඇත්තටම එහෙම තෝරාගැනීම් වටිනා ආදායම් මාර්ග...
මේ කතාවත් එහෙම අපූරු කතාවක්....
මගේ රියදුරු රැකියාව හා මගී ප්‍රවාහන කාර්‍ය්ලීය සේවය
~~~~~~~~~~
මා කොළඹ නගර සභාවේ ඉන්ජිනෙරුවකු වශයෙන් සේවය කරන සමයේ, ඒ කියන්නෙ 2010 දී වගේ. මන් නැවතිලා හිටියේ ගම්පහ බුලත් කඩේ හන්දියේ. .ඉතින් අපේ හිතවත් අය්යා කෙනෙක්ගේ staff service එකේ එන්නේ. කාලයක් යනකොට මේ අය්යා තව A/C බස් එකක් ගත්තා.
මට පුදුම උනක් තිබුනා මේ බස් එක වැඩ කරන්න. මන් බර වාහන licence අරන් තිබුනේ. වැඩේට කැමති උනා. මන් දැන් උදේ සවස බස් එක අරන් කොළඹ එනවා සෙනග අරගෙන ගම්පහ ඉදලා. අමතර ආදායමකුත් සෙට් වෙනවා . ඉබ්බන්වල හන්දියෙදි බස් එක ගන්න ඒ අයියා එනවා. මොකද කට්ටිය දකිවී කියලා පොරට upset. මන් නගර සභාවට පයින් යනවා එතන ඉදලා. මන් මගෙ පාඩුවේ වැඩ. හවසට අයෙමත් බස් අරගෙන ගම්පහ එනවා. කවදවත්ම accident වෙලා නෑ. අලුත් අවුරුද්දට බස් එකේ යන අය සල්ලි එකතු කරලා තෑගී එහෙමත් අරන් දෙනවා. එයාල හිතන්නෙ, මන් driver කෙනෙක් කියලා.
මට නම් කිසි අවුලක් නෑ. ඔහොම අවුරුද්දක් වැඩ කලා. පස්සේ ඉතින් ආචාර්ය උපාධියට ගියා. ගිහින් ආව ගමන් මට හිතුනා කාර්යාල ප්‍රවාහන සේවයක් කරන්න.
අලුත්ම බස් දෙකක් ගත්තා TOYOTA LANKA එකෙන්. ඔය අද දැක්කේ එයින් එකක් තම්යි. ලෙසි නෑ වැඩේ. බස් දෙකේ ලීසින් ලක්ශ 3ට කිට්ටුයි. සති අන්තේ ට්‍රිප් යන්නම ඕනි. රියදුරු යවලා වැඩක් නෑ. සමහර දවස්වල මම තමයි රියදුරු. ඉතින් drivers accommodation වල ඉන්නවා. එලිවෙනකල් සින්දු කියනවා. Full fun.
කිසි කෙනෙක් දන්නේ නෑ මම විශ්ව විද්‍යාල කතිකාචාර්ය කෙනෙක් කියලා. බොහොම සුන්දර මිනිසුන් මට හමු වෙලා තියෙනවා. අදටත් ඔවුන් මගේ හොද යහලුවන්. මන් ගිහින් weekend tour එක ඉවර කරලා ඇවිත් සතියේ දවස් පහ staff service. අද මන් ඒ ව්‍යාපාරය හොදින් දියුනු කරලා තියෙනවා. දැන් නම් ඔක්කොම කරලා බස් කීපයක්ම අරගෙන වැඩේ කරනවා. අදටත් මගේ බස්, තමයි වෙනස් විදියේ experiences එකක් දෙන්නෙ මිනිසුන්ට. ඉතාම උසස් සේවයක් කරනවා.
හරියට මේ වගේ දේවල් කලා නම් මිනිස්සු මේ වගේ දේවල් වලට හුරු වෙලා, වාහන තදබදය අඩු වෙනවා. අදටත් මම ආසම රැකියාවක් තමයි රියදුරු රැකියාව. බස් විතරක් නෙමේ. සිමෙන්ති ලොරි වල පවා මාව අදටත් දැක්කට පුදුම වෙන්න එපා. ලොරි විතරක් නෙමේ, 10 වීල් තට්ටු ලොරි, 16 වීල් ස්කැමල් ලොරි drive කරලා තියෙනවා. අදටත් හිතුනම යාපනේ යනවා සිමෙන්ති අරගෙන.
ඒ මම තමයි. ලොකු පොඩි, හොද නරක, උගත් නුගත් රැකියා කියලා එකක් නෑ. මගේ ලග වැඩ කරන්න මිනිස්සු එක්ක ඉදලා හිටලා බුලත් විටක් කාලා, වැවකට පැනලා නාල ලොරියේ රවුමක් ගිහින් ආවම තියෙන සතුට පැරිස් ගිහින් ගන්න අමාරුයි මට නම්. ලෝකෙට බම්බු ගහ ගන්න කියලා, මන් මට දැනෙන දේ, සතුට ගේන දේ කරනවා. හෙට මුට්ට කරගහන්න හිතුනොත් කරනවා. ඒකයි මෙහම හිනා වෙලා ඉන්නේ.
කොටින්ම බොහොමයක් අපි ලෝකෙට පේන්න දේවල් කරලා කරලා, කෝට්, ටයි පටි ඇතුලෙ විදවන තරම මන් හොදින් දන්නවා. මන් ලෝකෙට බම්බු ගහ ගන්න කියලා, හැම මොහොතකම සතුටෙන් ඉන්න, හිනා වෙලා ඉන්න දේවල් කරනවා. ඒවා ලෝකයට විහුලුවක් උනාට.
ඔය හැම රැකියාවක්ම එක වගේ. ගරු කළ යුතුයි. මෙච්චර කල් කෙනෙක්ගේ රැකියාව අනුව තනතුර, පහත් කියලා හිතුනොත්, පොඩි දෙයයි කරන්න තියෙන්නේ.
ඔබගේ කාරයලයේ කුනු භාජනය සතියක් අස් කරන්නේ නැතිව ඉදුල් ටික එයට දමා ඔබට එහි සිටිය හැකි දැයි බලන්න. එවිට ඔබහේ ප්‍රධානියාට වඩා පිරිසිදු කරන මහත්මයගේ හෝ මහත්මියගේ අගය ඔබට වැටහෙනු ඇත. හෙට සිට ඔහුන් හට සම අවස්තාවක් ලබා දෙන්න. එලසෙම අව්‍යාජ සිනවකින් ඔහුවන්ව සරසන්න. මේ ලෝකය ලස්සන වීමට නම් සෑම ස්තරයකට එක හා පිලිගැනීමක් මෙන්ම ගෞරවයක් ලබා දිය යුතුය.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|