“...මට උරුම නොවුණට විවාහය නිසා ජීවිතේ ගොඩ ගිය අය ඉන්නවා. එදා මට තේරුණේ නෑ, ඇයි අපි විවාහය නිසා ජීවිතේ නැති කරගන්නෙ ?” - චම්පා කල්හාරි වේදනාබර අතීතය සිහිකරයි..
|

2023-03-09 18:02:27
- 127
යි
"ජීවිතේට අරුණ උදාවෙයි"
"මල් යායේ සමනල්ලූ" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ
චම්පා කල්හාරි කියන්නෙ 90 දශකයේ ප්‍රසංග වේදිකාවට
නැතුවම බැරි වුණු ගායන ශිල්පිනියක්.
තමන්ට ම අනන්‍ය හඬකින් ගී ගැයූ චම්පා කල්හාරි,
හින්දි ගීත ගායනයට සුවිශේෂී දක්ෂතා දැක්වූවා.
නිවසේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් කාලයක් ඇය
රෝගාතුරවයි කල් ගෙව්වේ.
මේ ඇය මෑතක වැඩසහටනකට එක්වෙමින්
පළ කළ අදහස් කිහිපයක්..
"විවාහය කියන්නේ ජීවිතේ ට අවශ්‍ය දෙයක්. මට උරුම නොවුණාට විවාහය නිසා ජීවිතේ ගොඩ ගත්ත මිනිස්සු ඉන්නවා. හැබැයි විවාහයෙදි ගැළපෙන කෙනෙක් ඉන්න ඕන. මගේ අදහස් උදහස් එක්ක යන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන.."
"ඊයේ පෙරේදා එක්කෙනෙක් කිව්වා මට, දෙන්නෙක්ගේ අදහස් ගළපගන්න එක තමා විවාහය. ඒක ඇත්ත. එදා මට තේරුණේ නෑ. පුංචි කාලේ.. ඉවසීම තියෙන්න ඕන කාලේ. ඇයි අපි විවාහය නිසා ජීවිතේ නැති කරගන්නෙ. ජීවිත දෙකක් හම්බෙන් නෑනේ. 'දැන් තනියම නේද අමාරුයි නේද' කියලා අහනවා ගොඩක් අය වේදනාවෙන්.. රසික වේසයෙන් එන තෘප්තියක් ලබගන්න අරමුණින් එන කට්ටිය ඉන්නවා. එහෙම පුද්ගලයෝ මානසික වශයෙන් නීච නින්දිත තත්තවයේ ඉන්නෙ.."
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|