මේ දවස්වල හැමෝම බලන්නේ කොහොමහරි වෙනත් රටකට යන්නනේ. ආර්ථික කඩා වැටීම හේතුවෙන් ජීවත් විය නොහැකි මට්ටමට මේ රට පත් වෙලා කියන එක පිළිගන්නම වෙනවා.
අපේ රටේ පවුලක ආදරයෙන් හැදී වැඩුණු වීදි බල්ලෙක් කැනඩාවේ සංචාරයකට ගිහින් තිබුනා.
සමාජ ජාලාවල මේ බල්ලාගේ ඡායාරූප සහ සටහනක් මේ වෙද්දි සැරිසරනවා.
පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡයාරූප...
"මේ වාසනාවන්ත බව්වාගෙ නම ටිමී. එයා srilankan hound හෙවත් ලංකාවේ වීදි බව්වෙක්. එයාගෙ අම්මයි තාත්තයි එක්ක ඉන්නෙ වත්තල. මේ බව්වා එයාගෙ අම්මයි තාත්තයි එක්ක කැනඩාවේ ඉන්න අක්කව බලන්න මාස හයක නිවාඩුවකට කැනඩාවේ ගිහින්. ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් එයාලගේ පවුලේ බව් සාමාජිකයට සලකන විදිය වචනයෙන් කියනවට වඩා මේ ෆොටෝස්වලින් තේරුම් ගන්න එක හොඳයි. ආදරණීය මිනිසුන් සහ වාසනාවන්ත බව්වෙක්. මේ වගේ යහපත් මිනිසුන්ට ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕන. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන."