www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බදුල්ලේ පුද්ගලයෙක් මිතුරාගේ ජුන්ඩා කපා දමයි..


2023-01-31 12:45:29 -  191 යි

ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (31) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා තිබේ.

 

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වියළුව තල්දෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙක්.

 

ඔහු ඊයේ (30) රාත්‍රියේ අධීක ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටිය දී ඔහු සමග එකට මත් පැන් පානය

කළ තවත් මිතුරෙකු විසින්ම විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

 

ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයාව ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

 

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com