www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආරක්ශක බලමුළු කොළඹ සෙල්ලම් කරද්දී ඇඹිලිපිටියෙන් ගංජා කිලෝ 45 ක් අල්ලයි.


2023-01-31 09:00:40 -  161 යි

ඇඹිලිපිටිය මොරකැටිය 1 කණුව ප්‍රදේශයේදී මෙම ගංජා තොගය ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ ඒකකය මගින් ඊයෙ (29) අත් අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන ආකාරයට තණමල්විල සිට ඇඹිලිපිටිය දක්වා ලොරි රථයකින් මෙම ගංජා තොගය එම ලොරිය තුළ පැකට් කර සාමන්‍ය ආකාරයෙන් ප්‍රවාහනය කර තිබේ.

ලොරි රථය සමග ගාර්දි පුංචිහේවාගෙ නිපුණ දිල්ශාන් නැමති නො: 30/2 , දෙවන පටු මග, ලියනෑගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙන අතර මෙම ගංජා තොගය සැකකරුගේ නොවන බවත් ඔහු මෙම වාහනය කුලියට පදවාගෙන ආ බවත් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com