www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට ආ දුරකථන තර්ජන ගැන තොරතුරක්


2023-01-30 09:25:14 -  164 යි

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට දුරකථන තර්ජනය සිදුකර ඇත්තේ විදෙස් රටක සිට බවට අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනෙකුට මේ වන විට දුරකථන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

එම පැමිණිලිවලට අනුව මූලික විමර්ශන ආරම්භ කර ඇති බව නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com