www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් 38 දෙනෙකු රෝහල හැර යයි.


2023-01-27 13:20:37 -  167 යි

හම්බන්තොට මහ රෝහලේ ඖෂධ හිගයක් ඇති බවත් ඒ හෙතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ රෝගීන්ද අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා කරයි.

ඖෂධ 120 කට වඩා වැඩි ප්‍රමාණයක හිගයක් පවතින බවත් දරු ප්‍රසූතියකදී අධික රුධිර වහනය වැළැක්වීම සදහා මෙන්ම දියවැඩියා රෝගීන් සදහා ලබා දෙන ඉන්සියුලීන් ආදී ඖෂධ වර්ග රෝහලේ නොමැති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි.

මෙම ගැටළුව හේතුවෙන් වෛද්‍යවරුන් 38 දෙනෙකු රෝහල හැර ගොස් ඇති අතර තවත් වෛද්‍යවරුන් පිරිසක් විදේශගත වීමට බලාපොරොත්තු වන බව කියයි . එමෙන්ම රෝගී අංශ සදහා වෛද්‍යවරුන් 35 දෙනෙකු අවශ්‍ය වුවත් මේ වන විට සිටින්නේ වෛද්‍යවරුන් 30 දෙනෙකු පමණක් බවත් ඔවුන් කියා සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 15 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com