දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රන්ජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වසර හතරකට පසු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ඥානේන්ද්‍ර පාර පදිංචි හෙට්ටිගොඩ ලියනගේ මලිඳු ලක්මාල් නොහොත් "කොටියා "නැමැත්තෙකි.
මන්ත්‍රීවරයාගේ ඝාතනයට සෘජුව සම්බන්ධ කොටියා නැමැත්තා අගුලාන සයුරු පුර මහල් නිවාස සංකීර්ණය අසල රැඳී සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්තට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන සිංහාර අමල් සාමින්ද සිල්වා නොහොත් කුඩු අන්ජුගෙ යන අයගේ සමීපතම ඥාතියෙකු බවත් ඔහුගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය සඳහන් කරයි.
ඊට අමතරව විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක යෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් පැටියා යන අයගේ සමීපතම ගෝලයකු ලෙස කටයුතු කරන්නෙක් බව ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් විසි නව හැවිරිදි සැකකරු දෙහිවල ගල්කිස්ස හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඔත්තු බලමින් ආධාර අනුබල දීම ට අදාල චෝදනා ලැබූවෙක් ද බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ මත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් පැටියා යන අය විසින් සැකකරු වෙත ලබාදී තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බය රත්මලාන ගොනාකෝවිලේ සුසාන භූමියක් තුළ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
2918 මැයි මස 24 වෙනි දින දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකරු තවත් පුද්ගලයන් කීපදෙනෙකු සමග විදේශ රටකට පලා ගොස් ඉකුත් දෙසැම්බර් මස මෙරටට පැමිණ තිබූ බව පොලිසිය කියයි.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.