www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගත් මුදල් ගෙවන්න සක්විති එකග වෙයි


2023-01-24 10:38:56 -  93 යි

වරදක් සිදූකර එම වරද නැවත සැකසීමට යම් පුද්ගලයෙකුට හැකියාවක් ලැබුනොත් හෝ එසේ කල වරද නිවැරදි කිරීමට දුක් විදිමින් කටයුතු කරන්නේ සැබවින්ම ඔහු ආදර්ශයක් දෙන පුරවැසියෙකි. එසේ මිලියන ගණනාවක මූල්‍ය වංචාවක් සිදූකල ලංකාවේ ප්‍රසිද්ධියට පත් එකම ගුරුවරයෙක් වුයේ නම් ඒ සක්විති රණසිංහය.

සක්විති සෑහෙන්න කාලයක් බන්ධනාගාරයේ සිටියේය. ඉන් නිදහස්ව පැමිණ ඔහු නැවතත් තම පුරුදු ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කළේය.

 

ඒ අතර ඊයේ (23) කොළඹ මහාධිකරණය විසින්  මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පිහිටුවා ගණුදෙනුකරුවන් වෙත අධික පොලී ලබාදෙන බව පවසා තැන්පත් කරවාගත් රුපියල් කෝටි 14කට අධික මුදල නැවත ගෙවීමේ සැලැස්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට නියෝග කළේය.ඒ එම මුදල් නැවත ගෙවීමට විත්තිකරුවන් එකඟ වී ඇති නිසාය.

මෙම නඩුව නැවත මාර්තු 27 වැනිදා කැදවීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com