කියන්නේ පල්ලෙහා අයගේ එක තමයි ගැසට් කරලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ පල්ලෙහා ඈයෝ පවත්වා ගැනීමේ උවමනාව මත. හැබැයි ඒකෙන් වෙන්නේ, පල්ලෙහා අය බේරෙනවා වගේම ඉහළ අයට දැවැන්ත ලාභයක් ලැබෙනවා. මේ විගණකාධිපතිතුමාට පහසුකමක් තියෙනවාද මේගොල්ලන්ගේ මේ මිල ඇගයීමේ ක්රමවේදය, එහෙම නැත්නම් මිල සුත්රය හදිසි ණය අධීක්ෂණයක් කිරීමේ හැකියාවක් තියෙනවාද? බිත්තරේ නිෂ්පාදන පිරිවැය කීයද? මහා පරිමාණයේ අයගේ කීයද? ඒ පරතරය කීයද?
සභාපති : කොම්පැනි කෑම දීලා සම්පූර්ණයෙන් හදනවා. ඒ කියන්නේ ස්ටාටර් එක, ලේයර්, ෆීඩ් එක ඔක්කොම කම්පැනි කෑම දීලම හැදුවොත් දැනුත් යනවා නිෂ්පාදන වියදම රුපියල් 45යි ගාණක්.
චම්පික රණවක මහතා: සුළු පරිමාණ මහා පරිමාණ අයට කොච්චරක් යනවද?
සභාපති: රුපියල් 37ක් විතර යනවා. ඒගොල්ලන්ගේ මාර්කට් 34 කතාව කිව්වා.
චම්පික රණවක මහතා: පාරිභෝගික අධිකාරියේ ඇස්තමේන්තුව කීයද අද බිත්තරයක්?
සභාපති: රුපියල් 37 වෙනවා.
දැන් මොකද මේ ආයතන දෙකක ගණන් දෙකක්නේ. ගණන් දෙකේ විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා මේ ගාණ ලබා ගත්ත ක්රමවේදය කවරක්ද කියලා දෙපැත්තම එක්කහු වෙලා බලන්න. විගණකාධිපතිතුමාට හරි, දෙපාර්තමේන්තුවේ කවුරුහරි අරගෙන මේක පොඩ්ඩක් ස්වාධීන ඇගයීමක් කරලා බලමු මේක මොකක්ද කියලා.