www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අරගල අවස්ථාවේ ඇමතිවරුන්ගේ ගෙවල් ගිණි තැබූ ජනතාවට බාදා නොකලැයි ශවේන්ද්‍ර ඇතුළු 18ක් පෙබරවාරි 24 වැනිදා අධිකරණයට. - ජනතාව කුපිත කල ජඩ පාලකයින් නිදහසේ...


2023-01-17 09:17:09 -  204 යි

මෙරට මහජන අරගලයක් ඇති වුයේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ ආණ්ඩුව සිවිල් වැසියන්ට ජීවත්වීමට අවශ්‍ය සහන ලබා නොදීමය. එසේම මැයි 9 වැනිදා ප්‍රහාරය සිදුවන්නේද එම පක්ෂයම එකතුව ගාලු මුවදොරට පහරදීම නිසාය. එය සිදුකරන්නේ සහ සාමාන්‍ය ජනතාව කුපිත කරවන්නේද අදාළ දේශපාලන නායකයන් විසිනි

එම මැයි 9 වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන අනුව පියවර ගැනීමට බල කරමින් පොලිස්පතිනීතිපතිආරක්ෂක අමාත්‍ය ඇතුළු පිරිසකට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පීඩාවට පත් මැති ඇමතිවරුන් පිරිසක් ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

 

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු 18 දෙනකුට පෙබරවාරි 24 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය. පසුගිය මාර්තු 31 වන දා සිට රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලදී. 

ඒ සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකහිටපු යුද හමුදාපති දයා රත්නායක ගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව සිදුකළ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා බාරදී තිබිණ.

කෙසේ නමුත් මෙම කොමිෂන් සභාවේ සාමාජිකයන් ආරක්ෂක හමුදාවල් වල සේවයේ දී සිටි අය වන අතර එම කොමිෂමේ සාමාජිකයන් හමුදා සේවයේ දී සිටින සමයේ, වර්තමාන හමුදාපතිවරු කනිෂ්ඨ නිලධරීන් බවද, ඔවුන් අතර යම් යම් අමනාපකම් තිබුණු බවද කිය වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com