දරාගත නොහැකි ජීවන වියදමට සහ ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව වෘත්තීය සමිති බහුජන සංවිධාන ඇතුළු සියලුම සංවිධාන ඒකරාශී වෙමින් අද [16 වැනිදා] සිට නැවතත් අරගලය ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසා සිටී.
කිසිම පාර්ශ්වයකගේ ඡන්ද ගුණ්ඩුවකට තමන් හසුනොවන බවට ඔප්පු කර පෙන්වීමට ලැබෙන හොඳම අවස්ථාව මෙය බැවින් අද කොළඹට එන ලෙස සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියෝ පැවැසූහ.
ඒ ඊයේ [15 වැනිදා] කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.