www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරයේ “B” වාර්තා අතුරුදහන් කරන පොලිස් මෙහයුමක්


2023-01-15 00:23:39 -  92 යි

පාස්කු සිද්ධිය පිලිබඳව දිගින් දිගටම චෝදනා එල්ල වන්නේ එතුල යම් කුමක් කරුණක් සඟවා තිබීම සහ අදාළ බලධාරීන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ නිසාය. රාජ්‍ය බලධාරීන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස තමන්ගේ ආගමික ස්ථානයේදීම මිනිසුන් මිය ගියේය. තවත් සමහරු සඳහටම ඔත්පල වුයේය.

පාස්කු ප්‍රහාරය පෙන්වා යුක්තිය ඉටුකරන බවට පොරොන්දු දෙමින් ගෝඨාභය ඇතුළු පොදුජන පෙරමුණ බලයට පැමිණියේය. නමුත් ඔවුන් සිදුකලේ යුක්තිය ඉල්ලා හඬ නැගු අයගේ කට වැසුවේය. ඒ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් මාධ්‍ය නිවේදන නිකුත් කරමිනි. නමුත් ඒ සියල්ලම සොබාදහම මගින්ම වෙනස් කරමින් බොරු කියූ පාලකයන්ට මරණ බිය දැනෙන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය. නමුත් තවමත් ඔවුන්ගේ ක්‍රීඩාවේ නිමාවක් දක්නට නැත.

මේ අතර   කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් සඳහන් කලේ පාස්කු ඉරු දින ප්‍රහාරයට වග කිව යුත්තේ කවුද යන්න නීතිය ඉදිරියේ සනාථ වන තුරු තමන් මේ ව්‍යායාමය අත්නොහරින බව සදහන් කලේ ඉකුත් සිකුරාදා (13දා) අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය.  

මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වමින් උන්වහන්සේ සදහන් කලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බොහෝ කාරණා අලළා මුලින් ම ඇරඹූ පරීක්ෂණ අතරමග නවතා දමා ඒවා භාරව සිටි නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දී පරීක්ෂණ යට ගැසීමට කටයුතු කර තිබෙන බවය. එසේම දඬුවම් ලැබිය යුතු ඉහළ නිලධාරීන්ට උසස්වීම් ලබා දී පහළ පෙළේ නිලධාරීන්ගේ කටවල් වසා ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු අධෛර්යමත් කර තිබෙන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කළේය.

ඉහළ තනතුරක සිටින එක්තරා නිලධාරියෙකු සීඅයිඩීයේ ඇති පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල බී වාර්තා අතුරුදන් කිරීමේ වෑයමක් ගැන තමන්ට තොරතුරු ලැබී තිබෙන බව ද සදහන් කල අගරධගුරු රන්ජිත් මැල්කම් සදහන් විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු වුවත් නීතියට එරෙහිව අපරාධයක් හෝ ක්‍රියාවක් සිදු කරන්නේ නම් නීතියෙන් බේරී යාමට කිසිදු ඉඩක් නොලැබෙන බවය.

 

අහිංසක මිනිසුන් මියගියෙත් තුවාල ලැබුවෙත් ඔවුන්ගේ ම බදු මුදලින් යැපෙන වරප්‍රසාද ලබමින් සැපවත් ජීවිත ගත කරන පිරිසකගේ වගකීම් පැහැර හැරීම නිසා බව ත් ඒ අය කවුද යන්න නීතිය ඉදිරියේ සනාථ වී අවසන් බව ත් උන්වහන්සේ කීහ.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුට මුක්තිය ලබාදීම පිළිබඳව තමන්ට ඇත්තේ විවේචනාත්මක මතයක් යැයි ද ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නේ ජනතාවගේ ම ඡන්දයෙන් නම් ජනාධිපතිවරයාට මුක්තියක් අවශ්‍ය නොවන බව ද මෙහිදී සදහන් කළේය.

මුක්තියක් අවශ්‍ය වෙන්නේ තමන්ගේ හෘද සාක්ෂිය පිරිසුදු නොවන නිසා යැයි ද කාදිනල් හිමියෝ අවධාරණය කල උන් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව බලය ලබා දීම උදෙසා දැවැන්ත කැපවීමක් කලේය. ඉන් සිදු වුයේ පාස්කු ප්‍රහාරයටත් වඩා දරුණු විනාශයකි. සමස්ථ  රටම විනාශයට පත් වුයේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම සදහා වැඩබැරි ටාසන්ලා ටිකකට මෙරට පාලනය බාරදීම නිසාය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com