www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැඩි ආරක්ෂාව පතා මිත්තණියගේ නි‍වෙසේ නතර කර සිටි තරුණිය මිත්තණිය නින්දට ගිය පසු තරුණයකු සමග රතී කෙළියේ යෙදී සිටියදී මාට්ටු වෙයි.


2023-01-13 08:59:37 -  157 යි

වැඩි ආරක්ෂාව පතා මිත්තණියගේ නි‍වෙසේ නතර කර සිටිය දී මිත්තණිය තද නින්දට වැටුණු අවස්ථාවේ දී පෙම්වතා සමඟ අඹුසැමියන් ලෙස දින ගණනාවක් කල්ගත කිරීම පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ දුෂ්කරතා ඇති ගමකින් වාර්තා වෙයි.

කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ නිවෙසක මවුපියන් සමඟ 21 හැවිරිදි තරුණියක් පදිංචිව සිටියි. මෙම තරුණියගේ පියා ආරක්ෂක අංශයේ රැකියාවක් කරන අතර මධ්‍යම පළාතේ සේවය කරයි. මව තරුණිය සමඟ නි‍වෙසේ පදිංචිව සිටියි. මාස දෙකකට පමණ වතාවක් නි‍වෙසට පැමිණෙන තරුණියගේ පියා තම එකම රුවැති දියණිය කාලයක සිට හඳුනන තමන් සමඟ සේවය කරන හිතවතෙකුගේ විදේශ රටක ස්ථීර පදිංචිව සිටින තරුණයෙකුට විවාහ කර දීමට බලාපොරොත්තුවෙන් සිට තිබුණි. දෙපාර්ශ්වයේම මවුපියෝ පසුව දරුවන් දෙදෙනාගේ හඳහන් පත් ජ්‍යෝතීර්වේදියෙකු වෙත කලකට ඉහතදී ලබා දී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාගේ වේලාවල් ද ඉතා ඉහළින් ගැලපී තිබේ.

තරුණිය මාස ගණනාවක සිට සිය මවට හොර රහසේ අල්ලපු ගමේ පදිංචිව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තරුණයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව දිනක් අසල්වැසි කාන්තාවක් දැක තරුණියගේ මවට ප්‍රකාශ කර ඇත. පසුව තරුණියගේ මව සිය සැමියාට ද සිද්ධිය සම්බන්ධයෙන් දන්වා දියණිය ආරක්ෂා කර ගත යුතුව ඇතැයි පවසා කෑගල්ලේ තනිවම පදිංචිව සිටින තම මවගේ නි‍වෙසේ මීට මාස හතරකට පමණ ඉහතදී තරුණිය නතර කර ඇත. දින කිහිපයක් තරුණිය මිත්තණියගේ නි‍වෙසේ කාමරයක කල් ගෙවමින් සිටින අවස්ථාවේ දී මිනිබිරිය තරුණයා සමඟ දුරකතනයෙන් නිතර නිතර දොඩමළු වෙන අයුරු මිත්තණිය සියැසින් දැක තිබුණී.

මිත්තනිය රාත්‍රියේ නින්දට ගිය අවස්ථාවේදි ගෙට ඇතුළු කරගන්නා පෙම්වතා සමග රිසිසේ අඹුසැමියන් ලෙස යහන්ගත වෙයි. මේ ආකාරයෙන් දින ගණනාවක් ගත වෙද්දි දිනක් මිත්තණිය වැසිකිලි යාමේ අවශ්‍යතාවය මත නින්දෙන් අවදි වී බලන විට තරුණියන් කෙදිරි ගසන ශබ්දය ඇසී තිබුණි.

මිනිබිරිය හීනයක් දැක නින්දෙන් කෙදිරිගාන බව සිතා මිත්තණිය කාමරයට ඇතුළු වී බලන විට ඇගේ කිසිදු නූල් පොටක් නැතිව සිටිය මිනිබිරිය සහ තරුණයෙක් දැක කෑ ගසා තිබුණි.

ඒ මොහොතේම තරුණයා නිවසෙන් පලාගියේ තරුණිය ද ඇදගෙනය.

අනතුරුව මිත්තනිය රඹුක්කන පදිංචිව සිටින දියණියට කතා කොට සිදුවීම පවසා තිබේ.

පසුව තරුණිය එළිය වැටෙමින් පවතින අවස්ථාවේදී මවගේ දුරකතනයට ඇමතුමක් ගෙන කියා ඇත්තේ කිරි අම්මාට නොදන්වා තමන් පෙම්වතා සමඟ ගිය බවත් සොයන්න එපා කරදරයක් නැතිව සිටින බවත්ය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com