වව්නියාව තාණ්ඩික්කුලම් ප්රදේශයේ ප්රධාන මාර්ගයක තිබී පොලිස් සැරයන්වරයෙකුගේ මළසිරුරක් (10) සොයාගත් බවට වව්නියාව පොලීසිය පවසයි.
මිය ගොස් ඇති අදාල පොලිස් සැරයන්වරයා වව්නියාව ඊච්චන්කුලම් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කොට ඇති අතර ඔහු තාණ්ඩික්කුලම් සිට ඊච්චන්කුලම් පොලිස් ස්ථානයට යන ප්රධාන මාර්ගයේ යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම මරණය සිදුව ඇතැයි අනාවරනය වී ඇත.
කෙසේ වෙතත් පොලිස් සැරයන්වරයාගේ මරණයට නිශ්චිතවම හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර යතුරුපැදියේ ගමන්කරමින් සිටින අතරතුර පොලිස් සැරයන් වරයාට වේගය පාලනය කරගැනීමට හෝ නින්ද යාමක් හේතුවෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෙම මරණය සිදුව ඇතැයි පොලීසිය සැක පල කර සිටියි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර මිහින්තලය ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි වසන්ත චන්දන නැමති පොලිස් සැරයන් වරයෙකු වන අතර ඔහුගේ මළ සිරුර වවුනියාව මහරෝහලට රැගෙනගොස් පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව සිරුර පවුලේ ඥාතීන්ට භාරදීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ