නුවරඑලිය සිට හොරණ දක්වා ධාවනය කල පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන මිටර් 25 පමණ තේ වත්ත ඇදි ගොස් අනතුරට පත් වි ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
(08) දින පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ කාස්බර්ග් වත්ත ප්රදේශයේදිය.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල කුඩා ළමුන් ඇතුළු 47 දෙනෙකු සිට ඇති අතර , ඔහුන් කිසිවෙකුට අනතුරෙන් තුවාල සිදු වි නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
අධික බැවුමක් සහිත නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය කරමින් තිබු බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරු පාලනයෙන් මිදි තේ වත්තට ඇදි ගොස් නතර වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
බස් රථයේ ගමන් ගත් පිරිස හොරණ ප්රදේශයේ පදිංචිකරුවන් බවත්, එම පිරිස සති අන්ත දිර්ඝ නිවාඩුවට (06) දින නුවරඑලියේ සංචාරයක පැමිණ (08) දින ආපසු හොරණ දක්වා බස් රථය ධාවනය කරන අවස්තාවේ මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය පැවසිය.
– රංජිත් රාජපක්ෂ