www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසර දෙකකට අධික කාලයක සිට තාත්තාගෙන් දූෂණය ෑන 12 වියැති දියණිය


2022-12-28 10:50:53 -  422 යි

වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදු වන ලිංගික හිරිහැර ඉවසා ගත නොහැකි බව කියන වයස අවුරුදු 12ක දැරියක් කිලෝමීටර 12ක පමණ දුරක් ගෙවා ගල්නෑව පොලිසිය සොයා තනිවම පැමිණ පෙරේදා (26) ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ගල්නෑව පොලිසිය පවසයි.පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හිටපු යුද හමුදා සෙබළකු බව පොලීසිය කියයි. ඔහු 35 හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධියට මුහුණ පෑ දැරිය පස්වැනි ශ්‍රේණියේ දී වැඩි වියට පත්ව ඇති බවත්, පියා එතැන් සිටම අවස්ථා ගණනාවක දී ඇය දූෂණයට ලක් කළ බවත් දැරිය සිදු කළ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දැරියගේ මව වත්තක තේ දලු නෙළීමට ගම්පොල ප්‍රදේශයට මීට දින පහකට පමණ පෙර ගිය අවස්ථාවේදීද සැකකාර පියා දැරිය අවස්ථා කීපයකදී දූෂණයට ලක්කර ඇති අතර, මෙලෙස දිගින් දිගටම සිදුවන හිරිහැර ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් ඇය ගල්නෑව පොලිසියට පෙරේදා පැමිණ සියල්ල හෙළි කළ බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම නිවසට වහා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් යනවිට සැකකාර පියා ප්‍රදේශය අතහැර පලා යමින් සිට ඇති අතර,


පසුව පොලිස් උපායදූතියක් මාර්ගයෙන් ඔහු ඉපලෝගම පොලිස් වසමේ සඳුන්ගම දී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com