මහනුවර ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහායත් ජයටම දීලා
මහනුවර ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ සහය ද සමඟින් මහනුවර පේරාදෙණිය මාර්ගයේ ප්‍රධාන බාලක පාසලක් ආසන්නයේ දීර්ඝ කාලයක් තිස්සේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා මධ්‍යස්ථානයක් ඊයේ (22) මාතලේ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වටලා එහි කළමනාකාරවරිය සමඟ තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මාතලේ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ මාතලේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරියක ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
මෙම ස්ථානය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයා මහනුවර ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟම සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි දැන ගන්නට තිබේ.
මහනුවර සම්භාහන මධ්‍යස්ථාන මහනුවර පොලිස් කොට්ඨාසය මගින් නොවටලන බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මහනුවර සම්භාහන මධ්‍යස්ථාන වටලන ලෙස පළාතේ අනෙකුත් පොලිස් කොට්ඨාසවලට මෙයට සති තුනකට පමණ ඉහත දී දැනුම් දී තිබිණි.
අත්අඩංගුවට ගත් තරුණියන් අවුරුදු 28-45 අතර වයසේ පසුවන අතර ඔවුන්ට ආයුර්වේද සම්භාහනය සම්බන්ධව කිසිදු දැනුමක් නොමැති අය බව දැන ගන්නට ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාවන් මහනුවර හා අනුරාධපුර පදිංචිකරුවෝ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් වැඩිදුර පරීක්ෂණ සඳහා මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශය වෙත බාරදී තිබේ.