ශ්‍රී ලංකාව බංකොලොත් යයි ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙරටට ලැබීමට තිබූ ණය ප්‍රමාණය ද නොලැබී ගිය බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
අයවැය කාරක සභා අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
”රට බංකොලොත් කියලා fitch rating ප්‍රකාශ කළාට පස්සේ ලැබෙන්න තිබිච්ච ණය ටිකත් නැවතුනා. මෙතනින් ගොඩ එන්න නං අපේ තිබෙන සංචිත ප්‍රමාණය ගොඩනඟා ගෙන විශ්වාසය දිනා ගන්න ඕනි. කවුරු පාලන බලයේ හිටියත් විශ්වාසය දිනා ගත්තොත් තමයි අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්”