www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මොරවක පාසල් දැරියක් කෙළෙසා විදුහල්පතිට යැවූ වීඩියෝව...


2022-11-25 09:28:39 -  193 යි

මොරවක ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස් අප් සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කරන ලදැයි කියන 20 හැවිරිදි සැකකාර තරුණයකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරිය, ඇයගේ නිවස තුළදීම සැකකරු 11 වතාවක් දූෂණය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

දැරියගේ දෙමාපියන් රැකියා සඳහා නිවසින් පිටව යන අවස්ථාවේදී, සැකකරු පැමිණ දැරිය දූෂණය කර තිබෙන බවත්, එලෙස දූෂණය කරන අයුරු සැකකරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේ ය.

එලෙස ලබාගත් නිරුවත් වීඩියෝ දර්ශන සැකකරු වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ සිය මිතුරන් වෙත යොමුකර තිබෙන බවත්, එම දර්ශන දැරියගේ විදුහලේ විදුහල්පතිවරයා වෙතද ලැබී ඇතැයිද පොලිසිය විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබේ.

වින්දිත දැරිය ළමා නිවාසයක් වෙත යොමුකර සැකකරු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබුණි.

ඉෂාර රත්නකාර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com