www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අන්ධ විස්වාසය නිසා තම දියණිය ඝාතනය කර ගමන්මල්ලක දැමූ නරුම පියා...


2022-11-25 09:00:39 -  135 යි

තම දියණියව පියා විසින් අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

22 හැවිරිදි වියේ පසුවූ තරුණියකි මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත.

පිය විසින් දියණියව ඝාතනය කිරීමෙන් පසුව උත්තර් ප්‍රදේශ්හි අධිවේගී මාර්ගයක් ආසන්නයේ ඇයගේ සිරුර ගමන් මල්ලක බහා දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ පියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම තරුණිය දිල්ලිහි උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී ප්‍රේම සම්බන්ධතාවයකින් තරුණයෙකු හා විවාහ වී ඇති බව අනාවරණය වී ඇත.

තරුණියගේ පියා විසින් මෙම අමානුෂික ඝාතනය සිදුකර ඇත්තේ තරුණියගේ කුලයට වඩා අදාළ තරුණයා කුලයෙන් පහත් වීම හේතුවෙන් බව පොලීසිය සැකපළකරයි.

ඝාතනය වූ තරුණියගේ සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල දක්නට ලැබුන බව පොලිසිය පවසයි.

තරුණියගේ පපුවේ ස්ථාන දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.

පොලීසිය විසින් ඝාතනයට භාවිත කළ බවට සැකකෙරෙන පියා සතුව තිබූ තුවක්කුවක්ද සොයාගෙන ඇත.

මළ සිරුර ගෙනගිය මෝටර් රථයද පොලීසිය භාරයට ගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com