www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සාරිය අදින්න නම් ගාණක් ගෙවන්න ඕනෑ.. සාරි ගලෝන ටීචර්ලා කියයි...


2022-11-24 16:16:36 -  153 යි

පාසල් ගුරුවරියන් සඳහා නිශ්චිත ඇඳුමක් සඳහා නියම කරමි චක්‍රලේඛයක් පළ කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි. රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමකින් සැරසිය කාර්යාල සේවයට වාර්තා කිරීමට නිකුත් කර ඇති චක්‍රලේඛය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියි. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. මෙම නව චක්‍රලේඛය නිකුත් කිරීමට තීරණය කර ඇත්තේ ආසන්න දිනවල දී ගුරුවරියන් වෙනත් ඇඳුම් වලින් සැරසී පාසල් පැමිණීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ද මෑතකදී කියා සිටියේ පාසල් රජයේ කාර්යාල ලෙස සැලකිය නොහැකි බැවින් රජයේ කාර්යාල සේවකයන් සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාල නොවන බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com