www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලයිට් බිල ගෙවූ නැති නිසා කරන්ට් කපන්න ආ සේවකයන්ට හිටපු ඇමති පහරදෙයි


2022-11-24 08:32:31 -  100 යි

කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසක විදුලිය විසංධි කිරීම සදහා පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයන් කිහිපදෙනෙකුට පහර දීමක් සිදුවී ඇති බවට නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

රුපියල් ලක්ෂ 02කට වඩා හිඟ මුදලක් ඇති මෙම නිවසේ විදුලිය විසංධි කිරීමට අද උදැසන විදුලි බල මණ්ඩලයේ සේවකයන් කිහිපදෙනෙකු පැමිණ ඇති අතර එහිදී ඇතිවූ බහින් බස් වීමක් මත මෙම පහර දීම සිදුවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

දේශපාලන පවුලකින් පැවත එන හිටපු අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම පක්ෂ මාරු කිරීම් සිදුකල අයෙකු වෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බවයි එම නිලධාරින් සඳහන් කළේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com