www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැලේ අතරමං වූ පාසල් දරුවා මුලතිව් වනයේ කිලෝමීටර් 15ක ඈතින් හමුවේ..


2022-11-16 08:44:19 -  112 යි

වැලිඔය ජනකපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 12 ක් වයසැති පාසල් දරුවෙකු දින දෙකකට ආසන්න කාලයක් මුලතිව් රක්ෂිතයක අතරමංව සිටියදී 13 දා සොයාගත් බවට වැලිඔය පොලීසිය පැවසීය.

ජනකපුර විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලැබූ මෙම සිසු දරුවා කිසියම් කටයුත්තක් වෙනුවෙන් පසුගිය 12 දා උදෑසන ජනකපුර ප්‍රදේශයේ කැලෑවට ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් සිසු දරුවාගේ දෙමාපියන් විසින් ඒ බව වැලිඔය පොලීසියට දැනුම් දී ඇත.

පසුව ප්‍රදේශවාසීන්, වැලිඔය පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් සහ යුදහමුදා නිලධාරීන් ඒකාබද්ධාව අතුරුදහන් වූ දරුවා සොයා දිවාරාත්‍රි සෝදිසි කිරීම් සිදුකරන ලදි.

අනතුරුව 13 වන දින සවස ජනකපුර රක්ෂිතයෙන් අතුරුදහන් වූ පාසල් දරුවා මුලතිව් රක්ෂිතයේ කටු පඳුරක වැටී සිටියදී සොයාගත් බවට පොලීසිය පැවසීය.

පාසල් දරුවා අධික වර්ෂාවට හසුවීම , කුසගින්න, රාත්‍රියේ වනසතුන්ට බියවීම ආදී හේතුන් නිසා දැඩි ලෙසින් දුර්වලව සිටි හෙයින් ප්‍රතිකාර ලබාදීමට පියවර ගත් බවටත් මේ වන විට සිසුවා යහපත් සෞඛ්‍ය තත්වයට හැරෙමින් පවතින බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com