www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සුජාතා බාලිකාවේ සිසුවියන් 44ක් රෝහල් ගතකෙරේ..


2022-11-15 15:06:47 -  117 යි

මාතලේ කුඹියන්ගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 44කට ආසන්න පිරිසකට අද (15) උදැසන සිදුවු හදිසි අසනිප තත්වයක් නිසා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ විද්‍යාලයේ 19න් පහළ දැල්පන්දු කණ්ඩායමේ සිසුවියන් පිරිසක් වන අතර ඔවුන් පසුගිය දිනෙක වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති දැල්පන්දු තරගාවලියට සහභාගි වි ඇති බවත් ඔවුන් ජයග්‍රහණය කිරිම නිමිත්තෙන් විද්‍යාලයේදි 15දා උදැසන පැවති රැස්විමක් අවස්ථාවේදි සිසුවියන් පිරිසට වරින් වර කලාන්තය ඇති විම නිසා ගිලන් රථ මගින් රෝහල වෙත ගෙනවිත් ඇති බවද පොලිසිය කියයි.

සිසුවියන්ට බරපතල රෝගි තත්වයක් නොවන බවත් ඔවුන් සදහා මුලික ප්‍රතිකාර සිදු කළ බවද රෝහල් ප්‍රකාශයෙක් පැවසිය.

සිද්ධීය සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලිසිය පරික්ෂන පවත්වයි.

ඔබ සියලු දෙනාට ඉක්මන් සුවය අත්වේවායැයි මාතලේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com