www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නුවරයි කොළඹයි හෝටල්වලට අරන් ගිහින් 15 හැවිරිදි සිසුවාට අතවර කරපු ටියුෂන් ගුරුවරිය


2022-10-21 13:09:04 -  721 යි

පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි. මෙම පිරිමි දරුවා සැකකාරිය විසින් සිය නිවසේ පවත්වාගෙන ගිය බවට කියන උපකාරක පන්තියට යමින් සිට ඇත. මේ මස 6 වැනිදා උපකාරක පන්තියට සහභාගි වූ පිරිමි දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් එම දරුවාගේ මව උපකාරක පන්තිය පවත්වන නිවසට ගොස් තිබේ.

එහි දී සැකකාරියගේ මව පවසා ඇත්තේ ඈ නිවසේ නැති බවය. ගුරුවරියත් පුතත් නැති බව දැනගෙන පොලිසියට ඒ සම්බන්ධව පැමිණිලි කළ බවත් පවසා ඇත. පසුව වහාම ක‍්‍රියාත්මක වූ වැලිගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය විසින් පිරිමි ළමයා ලිංගික කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති බවය.

පසුව 12 වැනිදා වැලිගම පොලිසියේ දැන්වීම මත පිරිමි ළමයාත් සැකකාරියත් පොලිසියට ඉදිරිපත් වී ඇත. මෙහිදී පිරිමි ළමයා ප‍්‍රකාශ කර ඇත්තේ සැකකාරිය තමා කොළඹ සහ නුවර ප‍්‍රදේශවල හෝටල්වලට ගෙන ගිය බවයි. මෙම ප‍්‍රකාශ මත පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com