www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සොරැන් හිස් වැසුම්ද නොමැතිව පොලිසිය ඉදිරිපිටින් යතුරු පැදියක් හොරකම් කල අයුරු මෙන්න..


2022-10-21 08:18:59 -  221 යි

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක පිටුපස ගාල් කර තිබු යතුරුපැදියක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

යතුරුපැදිය ගාල් කර තිබු ස්ථානයට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියේ ස්විචයේ වයර් කපා හිස් වැසුම්ද පලදින්නේ නොමැතිව පොලිසිය ඉදිරිපිටින්ම යතුරුපැදිය ගම්පොල දෙසට ධාවනය කර ඇත.

රු ලක්ෂ 4 ක් පමණ වටිනා යතුරුපැදිය සොරාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය නගරයේ සවි කර ඇති ආරක්ෂිත දර්ශන ඔස්සේ  සැකකරුවන් හදුනාගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා නාවලපිටිය පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

– රංජිත් රාජපක්ෂ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com