www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යතුරුපැදි සොරකමට ඇල්ලූ 13 හැවිරිදි දැරිය පරිවාසයට


2022-10-19 10:24:54 -  201 යි

යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් 13 හැවිරිදි දැරියක් ගාල්ල - කිතුලම්පිටිය ළමා රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට ගාල්ල මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ ඊයේ, (18) නියෝග කළා.

ඒ අනුව දැරිය ලබන මස 1 වැනි දා දක්වා එහි රඳවා තැබෙනු ඇති.

ගාල්ල - යක්කලමුල්ල ප්‍රදේශයේ යතුරුපැදියක් සොරකම් කිරීමේ දී දැරිය සහ තවත් තරුණයෙකු ප්‍රදේශවාසීන්ට හසු ව තිබූ අතර, තරුණයා එහි දී පලා ගොස් තිබුණා.

පසු ව හෙළිවුණේ, සැකකාර තරුණයා මෙම දැරියගේ මව සමඟ සබඳතාවක් පවත්වන්නෙකු බවට යි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com