www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසන්ත මුදලිගේ මරා දමා රනිල් විරෝධය වැඩිකරන දේශපාලන බලපොරයක සැලසුම්.


2022-10-03 11:08:37 -  253 යි

ශ්‍රී ලංකාවේ ජනතාව රජයට එරෙහිව නැගී සිටිමින් ඉල්ලුවේ අලුත් රටකි. අලුත් පාලනයකි. අලුත් පාලන ක්‍රමයකි. එයට හේතුව වුයේ පැවති සහ පවතින පාලනයන් වලින් ජනතාවට ලැබී තිබෙන්නේ දුක වේදනාව සහ අනාගතයක් නොමැතිව හූල්ලන දුඛ්කිත ජීවිත පමණක් බැවිනි. නමුත් මෙරට පාලකයන්ට ජනතාවගේ දුක් සෝ සුසුම් තවමත් දැනී නැති අතර ඔවුන් දැන් සිදුකරමින් පවතින්නේ ඔවුන්ගේ පාලනයට එරෙහිව නැගී සිටි අරගලයට එරෙහිව කටයුතු කරමින් ඔවුන්ගෙන් පලි ගැනීමයි. ඉන් පෙනෙන්නේ පාලකයන්ගේ දුෂ්ඨ කමයි.

මේ වන විටත් පවතින්නේ දේශපාලන බල පොරයකි. නමුත් ජනතාව මේ බල පොරයට වෛර කරති. ගොරක දඩමස් කරමින් නීතිපොතේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් සාක්ෂි සෙවීමට වෙර දරන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ යහපත් පාලනයද ගිලිහී ගොස් තිබේ. එය පැහැදිලිය. රට විනාශ කරමින් නැවතත් පොහොට්ටු බලයක් වෙනුවෙන් රාජපක්ෂ පාලනයක් ස්ථාපනය කිරීමේ මෙහෙයුම සදහා රාජපක්ෂ පාලනයෙන් උසස්වීම් ලබා ගත් පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටින බව නොරහසකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවීමත් සමගම තරුණයන්ට පහර දෙමින් සිදුකල සිදුවීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනතාව තබා තිබු විශ්වාසය බිද වැටුණු අතර එහි වාසිය ගත්තේ බලය වෙනුවෙන් පමණක් සිහින දකින කණ්ඩායම් පමණි.

කෙසේ නමුත් තරුණ අරගලයේ නායකයන්ට විරුද්ධව කටයුතු කිරීමේ අවාසිය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති යනු සියලු බලතල සහිත නායකයෙකි. එය ජනතාව දන්නා නිසා ඔහුට එරෙහි අරගලය දියත් වන්නේ සියලුම පාර්ශ්වයන්ගේ අනුග්‍රහයෙනි. රට තුල ඇතිවන සියලුම අරගල ඇතුළු පහරදීම්වලට සෘජුවම වගකිව යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. 20 වැනි ආණ්ඩුක්‍රම නීතිය මගින් ලැබුණු බලය පිලිබඳව දැනුමක් මෙරට සාමන්‍ය ජනතාව තුල තිබේ. “ මට බලයක් නෑ. බලය තියෙන්නේ අරගොල්ලන්ට” යයි පවසමින් ඇග බේරාගැනීමේ ක්‍රමය තුල යම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යම් උපක්‍රමයක් තිබෙන බව පැහැදිලිය. තමන් සමගම සිටින, තමන් ජනාධිපති කර වූ කණ්ඩායමම තමන්ට විරුද්ධව කුමන්ත්‍රණ ගෙන යන බැවින් හෝ අනෙකුත් ගැටළු නිසා එම කණ්ඩායමටම සියලු වැරදි පැටවීම තුලින් එම කණ්ඩායමේ පිරිහීම දිගින් දිගටම සිදුවේ. කෙසේ නමුත් සිදුවන්නේද එම කණ්ඩායමේ ක්‍රියාකලාපය තුලින් නැවත දිගින් දිගටම රට අරාජික කරවීමයි.

අපට ලැබෙන තොරතුරුවලට අනුව සහ සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ වලින් පෙනෙන්නේ පොදුජන පෙරමුණ ඇතුළු සියලුම පක්ෂ වෙන් වෙන් වශයෙන් රනිල් විරෝදී කුමන්ත්‍රණය ඇතිකරවමින් සිටින බවයි. එතුලින් රනිල් පලවා හැරීමෙන් නැවතත් පොදුජන පෙරමුණ එම වාසිය අත්කරගනිමින් ඔවුන්ගේම ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් පත්කරගැනීමට හැකිය. බොහෝ දෙනෙකුගේ ප්‍රකාශයන් සියල්ලම සහ ඔවුන්ගේ සමීපතයන් සිදුකරන ක්‍රියාවන් එකට ගත්කල පෙනෙන්නේ බලපොරයක් තිබෙන බවයි. ඉන් පෙනෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව පොහොට්ටු පක්ෂය තුලින්ම කටයුතු සිදුවන බවයි.

එසේම වසන්ත මුදලිගේ මරා දැමීම සඳහා යම් සැලසුමක් ක්‍රියත්මක වෙමින් පවතින බවට විවිධ මත පලවෙමින් තිබේ. ඔහුට යම් අනතුරක් සිදුවුවහොත් නැවතත් මහා ජනතා නැගී සිටීමක් සමග රාජ්‍ය සේවකයන්ගේ ජීවිතවලට පවා තර්ජන සිදුවන දැවැන්ත කැරැල්ලක් නිර්මාණය වනු ඇත. එම කැරැල්ලෙන් මෙරට රාජ්‍ය පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන අතර ගම් නියංගම් පුරා සමස්ත ජනගහනයෙන් මිලියන කිහිපයක් නැගී සිටිනු ඇත. එතුලින් පොලිස් ස්ථානවලට පවා පහරදීම් සිදුවෙමින් ආරක්ෂක අංශවලට පවා පලායාමට සිදුවන ලෙස දැවැන්ත විනාශයක් ඇතිවියහැකි අතර එයට කදිම උදාහරණය පහත වීඩියෝව තුලින් දැකිය හැකිය. එහි දැක්වෙන්නේ ගුවන් හමුදා භට කණ්ඩායමකට එරෙහිව ජනතාව නැගී සිටීමකි. එම වීඩියෝව සමාජ මාධ්‍ය තුල සංසරණය වන නමුත් මෙම සිදුවීම සිදුවන්නේ කවදා, කොහෙදිද යන්න තොරතුරු අනාවරණය නොවේ.

 

එසේම වසන්ත මුදලිගේට යම් අනතුරක් සිදු වුවහොත් ඔහු භාරව සිටින සියලුම දෙනාට, ආරක්ෂක ලේඛම්, නීතිය සහ සාමය අමාත්‍යවරයා සහ එහි ලේඛම්, පොලිස්පතිටද සිර දඩුවම් විදීමට සිදුවන ලෙස බොහෝ කටයුතු සිදුවිය හැකිය. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා දැන් කල යුත්තේ මේ කුමන්ත්‍රණකාරී තත්වය හදුනාගෙන ඒවා සිදුවීමට ඉඩ නොලැබෙන සේ කටයුතු කිරීමයි. ඒ සඳහා කල යුත්තේ තරුණ තරුණියන් සමග සාකච්චා කර ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමයි. ඊට අමතරව වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම නිදහස් කර භාණ්ඩ මිල ටිකෙන් ටික අඩු කිරීමේ මානව වාදී උපක්‍රම භාවිතා කල යුතුය. පොහොට්ටුවේ හෝ වෙනත් කිසිම පාර්ශ්වයකට කිසිදු ආකාරයක පීඩාවක් සිදුවෙමින් රට තුල සිදුවීමට ඉඩ තිබෙන බවට පෙනෙන විනාශයට කිසි සේත්ම මේ ලියුම් කරු අකමැතිය. අප ද ඉල්ලන්නේ සාමය සහ  සංහිඳියාව පමණි. රනිල් වික්‍රමසිංහ මහතා දැන් කල යුත්තේ භාණ්ඩ මිල අඩුකරමින් වසන්තලා ඇතුළු කණ්ඩායම නිදහස් කරමින් සාකච්චා මාර්ගයෙන් මෙය විසදීමට කටයුතු කිරීමයි. එසේ නොමැතිව වසන්ත ඇතුළු අත් අඩංගුවේ සිටින පුද්ගලයන්ට හානි කිරීමේ වාසිය ලබන්නේ දේශපාලන අන්තවාදීන් වන බලයේ සිටින පක්ෂයමද, එසේත් නැතිනම් බල පොරයේ යෙදී සිටින ඇත්තන්ගේ ජීවිතද අවසන් වීමේ   දැවැන්ත විනාශයක් සිදුවේද යන්න නිශ්චිතවම දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

 

උපුටාගැනීමකි


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com