www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

STF එකට දෙන ඔත්තු අපරාධ කරුවන්ටම යන විදිය නැවතත් ඔප්පු වෙයි.


2022-09-29 07:52:51 -  347 යි

අප නිරන්තරයෙන්ම සදහන් කරන්නේ විශේෂ කාර්ය බලකාය ආරක්ෂා කල යුතු බවත් එය ආරක්ෂා කිරීමට නොහැක්කේ එම ආයතනයේම සේවය කරන පව් කාර, ජනතාවගේ ජීවිත අනතුරේ දමන තක්කඩි විශේෂ කාර්ය නිලධාරීන් නිසා බවයි. මෙම දූෂිතයන් සුරැකීමට ඔවුනොවුන්ගෙන් සමන්විත දූෂිත රැල්ලක් නිර්මාණය වී සිටින අතර විශිෂ්ඨ ඝනයේ නිලධාරීන්ට වැඩ එම දූෂිත කණ්ඩායම් ප්‍රභලව සිටි.

අපරාධකරුවන් සමග විශේෂ කාර්ය බලකාය සමීපව සබඳතා පවත්වන බවද, ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට ඔවුන් කටයුතු කරන බවද අප මුල්ම වරට සාක්ෂි සහිතව් අනාවරණය කරනු ලැබුවේ ඇඹිලිපිටියේ කුඩු කිලෝග්‍රෑම් 38 ක් පමණ අත් අඩංගුවට ගැනීමේ සිද්ධියේදීය. එම සිද්ධියට සම්බන්ධ තවත් තොරතුරු ගනනාවක් අප වෙත ලැබී තිබෙන අතර අප එහිදී සාක්ෂි සහිතවම හරක් කටාගේ අවශ්‍යතාවය විශේෂ කාර්ය බලකාය ඉටුකරන හැටි පෙන්වා දෙන ලදී. එහිදී එම කුඩු කිලෝග්රෑම් 38 උසාවි නොදමා සිද්ධිය යටගැසීමට පොලිස් අධිකාරිවරයෙකු විශාල උත්සාහයක් දරා තිබෙන අතර එම ප්‍රදේශයේ කුඩු, අයිස් වැනි තහනම් මත්ද්‍රවය වෙළදාම සිදුවන්නේ එම පොලිස් අධිකාරිවරයාගේ ද අනු දැනුම මත බවටද අපට තොරතුරු ලැබෙමින් පවතී. සනාථ කිරිමට අවශ්‍ය තොරතුරු ලැබුණු වහාම අප එම පොලිස් අධිකාරිවරයාගේ නමත් සමගම තොරතුරු ජනගත කරනු ඇත. දැනට අපට ලිවීමට තිබෙන්නේ පොලීසිය අසලම, අල්ලපු වැටේ කුඩු විකුණන බව ඉහලට යාමට ඉඩ නොදී ඔහු තොරතුරු සගවා තිබෙන බවයි.  කෙසේ නමුත් අවසානයේ සිදු වුයේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති ස්ථානමාරු කර යැවීම පමණි. ඉන් අනතුරුව රට පුරා අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් මනුෂ්‍ය ඝාතන ගනනාවක් සිදුවිය. එම ඝාතනයන් සදහා ආරක්ෂක අංශ සම්බන්ද ද?, විශේෂ අනාවරණයක් අප ඉදිරියේදී සිදුකරනු ඇත.  

වර්තමානයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා අත් අඩංගුවට පත් වුව හොත් මුදල් විසි කර නිදහස් වීමට හැකි බවට තොරතුරු මීට පෙරද මාධ්‍ය වාර්තා කර තිබේ. නමුත් ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට එම නිලධාරීන් තව දුරටත් උසස්වීම් පවා රැගෙන යහතින් ජීවත් වෙති. ඊට අමතරව ජාවාරම්කරුවන්ද බොහෝ සතුටින් සාමදානයෙන් ජාවාරම් කටයුතු වල නිරත වෙයි .

 

ඔත්තුකරුවන් සහ සාක්ෂිකරුවන් මරාදමන අයුරු

විශේෂ කාර්ය බලකායේ නාමය මේ වන විට පිරිහී තිබෙන්නේ කිහිපදෙනෙකු සිදුකරන එම දූෂිත ක්‍රියාවන් නිසාය.  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන බවට චෝදනා රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත එල්ල වී තිබේ. එම බලකායේ  උසස් නිලධාරීන් පවසා සිටින්නේ දූෂිත චෝදනා රැසක් සහිත නිලධාරියෙකු ප්‍රංශයේ  සහ එංගලන්තයේ සිටින ජාවාරම් කරුවන් දෙදෙනකු සමඟ සෑම දිනකම ජංගම දුරකථන  විශේෂිත යෙදවුමක් හරහා සම්බන්ධ වන බවයි. මෙම චෝදනාවට ලක්වන නිලදාරියා  කිසිදු දිනක නිල ඇඳුමක් නොපලදින  අතර නිලධාරියාගේ අභිමතය පරිදි මූලස්ථානයේ  කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව මූලස්ථාන නිලධාරීන් පවසයි. මෙම නිලදාරියා  දැනට ඉන්දියාවේ සිටින කිඹුලා ඇලේ ගුනාගේ කල්ලිය සමඟ සමීප සම්බන්ධතා පවත්වන අතර ඒවා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ම කිහිපවිටක් පොලිසියේ විශේෂ අංශ දැනුවත් කළද පලක් නොමැති බවද පැවසේ.  දැනට බුස්ස  බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට බොහෝ චෝදනා එල්ල වන මූලස්ථාන චූදිත නිලධාරියා සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස්ම නිලය මුනිවත රැකීම සම්බන්ධව තම රාජකාරිය නිවැරදිව සිදු කරන නිලධාරීන් තුළ කතිකාවතක් ඇති ව තිබේ. ඔවුන් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය තුලද ඒ පිලිබදව දැඩි කතාබහක් ඇතිව තිබෙන්නේ මේ දූෂිත නිලධාරීන් තබගෙන බලකාය දිනෙන් දින විනාශ කරන බැවිනි.

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට  ගුටි පූජාවක් දුන් කල්ලියේ ප්‍රධානියා වන නේවි රුවන් සමඟ සම්බන්ධතා පවත්වන්නේ කවුද ?. සෙවිය යුතු නොවේද? මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පාලනයට ගෙන ඇති පොලිස්  විශේෂ  කාර්ය බලකාය පිළිබදව පොලිස්පතිවරයා දැනුවත් නොවීමද  පුදුම සහගතය. පොලිස් දෙපාර්තමේන්තුව තුළ කොතෙක් බුද්ධි අංශ තිබුණද යම් පුද්ගලයෙක් හෝ සිදුවීමක් සම්බන්ධව මාධ්‍යයකින්  අනාවරණය වීමෙන් අනතුරුව උසස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම හාස්‍යජනකය. නමුත් කාලයත් සමග ඒවාද යටපත් කිරීමද අමුතුම කතාවකි. මේ පහත දැක්වෙන්නේ ගුනාගේ කල්ලියට තොරතුරු යන විදිය කියන මාතාවකි.

 

ගුනාගේ කල්ලියට තොරතුරු යන විදිය

සියල්ලම දූෂිත රටක දූෂිත නොවන ආයතනක් සොයාගැනීමට නොහැකි බව දන්නෝ දනිති. නමුත් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු තීරණ ගැනීමට නම් ආරක්ෂක අංශ අවශ්‍ය නොවේ. ආරක්ෂක අංශ ස්ථාපනය කර තිබෙන්නේ ජනතාවගේ ආරක්ෂකයා ලෙසිනි. ඔවුන්ට නිල ඇදුමක් අන්දවා ගරුත්වයක් දෙමින් ජනතාව වැටුපක්ද ගෙවයි.  හොරුන්ගෙන්, මිනීමරුවන්ගෙන්, මන්කොල්ලකරුවන්ගෙන්, විවිධ අපරාධකරුවන් විසින් ආරක්ෂක අංශයක් පාලනය කරන්නේ නම් ඉන් කියවෙන්නේ ඔවුන් රාජ්‍ය බලය සහිත පාතාල කරුවන් බවයි.  මත්ද්‍රවය පිලිබදව ඔත්තුකරුවන් සහ සාක්ෂිකරුවන් මරාදමන්නේ විශේෂ කාර්ය බලකායේම එක්තරා කණ්ඩායමක් බව අප ඇඹිලිපිටියේ සිද්ධියේදී අනාවරණය කරන ලදී. එම කණ්ඩායම තව දුරටත් සිදුකරන ලද අපරාධ මාලාවක් අප ඉදිරියේදී අනාවරණය කරනු ඇත.  

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com